Tuesday, June 30, 2009

මතට තිත....

Posted by Sasika Nanayakkara

ඔන්න දන්නවනේ මේ දවස්වල කට්ටියම කථා කරන්නේ මතට තිත ගැන.මේක ඉතින් නොබොන අයට නම් එච්චර ගැටළුවක් නොවන නිසා අනේ හොදයි කියනවා.එත් ඉදල හිටල හරි පොඩ්ඩක් වෙරිවෙන අපිවගේ උදවියට නම් ඉතින් මේක දරාගන්න බැරි දුකක්.වෙලාවකට හිතෙනවා ඔය ලිප්ටන් වටරවුමේ හරි,කොටුවේ ස්ටේෂන් එක පැත්තට ගිහින් බොඩ් එකක් අල්ලන් ඉන්න.එත් ඊට වඩා හොදයි මේ පුළුවන් දවස්වල වැඩි වැඩියෙන් දාගන්න එක කියලා හිතෙනවා.නැත්තම් ඒ වෙලාවත් අපරාදෙනේ.ඒ විතරක් නම් මදැයි දැන් ප්‍රසිද්ධ ස්ථානවල බොන්නත් බැහැ එ මදිවට රෑ 9.00 වෙනකොට බාර් ඔක්කොම වහලා.ඒ නිසා ඉතින් මේ අන්තිම දවස්ටිකේ උනත් පොඩි අඩියක් දාගන්න මාර ගෙමක් දෙන්න වෙලා තියෙන්නේ.මොකද මමත් ගොඩක් වෙලාවට ඔෆ් වෙනකොටත් රෑ 9.00 පයිනවා.ඉතින් වැඩිපුර කරන්නේ යන ගමන් බාර් එකේ දොරට පයන් එකක් ගහලා ගිහින් නිදා ගන්න එක.

මේ වගේ ප්‍රශ්න රැසකට මුහුණ දිලා හිටපු මට මගේ යාළුවෙක් එවපු මේල් එකක තිබුන දෙයක් දැකලා මගේ මේ හැම ප්‍රශ්ණයකටම නියම විසදුම ලැබුනා.අනේ මේ වගේ සොයා ගැනිම් ඇයි දියුණු කරලා ඉස්සරහට නොගන්නේ කියලා තමයි දුක.ලංකාවේ කොහොමත් ඉතින් වැඩ කාරයන්ට තැනක් නැහැනේ.එනිසා මම හිතුවා මේ වගේ මොලකාරයින්ට පොඩි සපොට් එකක් විදියටයි,මම ව‍ගේ දුක්විදින උදවියට මරැ විසදුමක් විදියටයි මේක බ්ලොග් එකට දාන්න.බලලම කියන්නකො මේ ගැන මොනද ඔයලාට හිතෙන්නේ කියලා.මට නම් නියම විසදුම හම්බ වුනේ උදේ වැඩට යන ගමන් අරන් ගිහින් හෙමින් හෙමින් වැඩ පටන් අරන් ඔෆ්වෙන වෙලාවට හතර ගාතේ.මේකනම් මාරම සිම්පල්ම පැලැන් එකක් තමයි.












11 comments:

änthräX said...

මේක එක්ක බලද්දි ටෑලිපෝන් එක, බලුප් එක හොයාගත්තු බුවාලත් පොරවල්ද කියලා හිතෙනව. ඉඹින්නොන අම්මප..

සසික නානායක්කාර said...

@ änthräX
අනිවා මචෝ දෙයියන් වගේ සලකන්න ඔන මිනිහෙක්. හික්...හික්...

panhida said...

ෂුවර් එකටම අපෙ ලංකාවෙම එකෙක් තමා හොයා ගන්න ඇත්තේ

Rohan said...

wow ummmmah...macho mama lankawata awama ammata horen ekak dagannath vidihak kiyapanko ammata ahu unoth bite ekata guti tamai kanna wenne

Thilina said...

සුපිරි සොයාගැනීමක්නේ. කෝ මේ අපේ "ම"

Rohan said...

I have so many mail like this u ta onada give me mail id mama living in ksa mama Rohan computer khan job as network administrator send me mail dhammika77@gmail.com,dhammika777@ymail.com...bay bayyy

දුකා said...

ela ela

භුමිපුත්‍රයා said...

මරුම තමා

Anonymous said...

උඹව කොච්චර පෙන්නන්න බැරි වුනත් මේ ප්‍රශ්නෙදි අපි එක ටීම් එකේ

meegodaya/saman said...

උපුටා ගතිමි-@ THILINA "සුපිරි සොයාගැනීමක්නේ. කෝ මේ අපේ "ම"
ඇත්තටම සද්දයක් නෑ නේද?

සසික නානායක්කාර said...

@ panhida
නැතුව..නැතුව..මේ ව‍ගේ වැඩකාරයො ලොකේම නැහැ මචං..

@ Rohan
ඇයි උබට මේ ක්‍රමයත් යොදා ගන්න බැරිද..බලමු බලමු මේක කාර්යාල ප්‍රයෝජනය සදහා නිසා බලමු ඉදිරියේදි නිවසේ ප්‍රයෝජනයට යොදාගත හැකි නව නිපැයුමක් එවිද කියලා.හමුබවුනොත් අනිවා දෙන්නම්.

@Thilina
අනිවා...මේ සියවසේ මම දැක්ක හොදම සොයා ගැනිම..දෙමුද සම්මානයක්.

@ Rohan
එවපන් මචං මෙන්න මගේ මේල් එක sasikablog@gmail.com

@ දුක්ගන්නාරාළ
එල නැද්ද මචං..

@ chamara jayakody
මරැ කියන්නේ මරේ මරැ මචෝ..

@ Anonymous
ඇයි බන් මම වගේ එල කොල්ලෙක් උබට පෙන්න බැරි..පෙන්න බැරිද?උබේ ඇස්වල අවුලක්ද කොල්ලො.

@ meegodaya/saman
"ම" මචං සද්ද නැතුව මේක හදනවා වගේ.

Post a Comment