දැනට ලොව තුල බලවත් මෙන්ම දුබල රටවල් ද පිඩා විදින තවත් එක් පිලිලයකි ත්‍රස්ථවාදය.මෙම ත්‍රස්ථවාදයට හොද හො නරක කියා දෙයක් නොමැති අතර මොවුන් තිරිසනුන් මෙන් තම අරමුනු තකා ඕනැම අමානුශික ක්‍රියාවක් කිරිමේ හැකියාව ඇති බව ත්‍රස්තවාදියෙකු නොවන ඕනැම පුද්ගලයෙක් අවිවාදයෙන් තොරව පිලිගනි.

එය ලොව බලවත්ම රාජ්‍ය යැයි හදුන්වා ගන්නා ඇමරිකාවටත් කලාපයේ බලවතා ලෙස හදුන්වන ඉන්දියාවටත් වෙනසක් නොවි තම ප්‍රධානතම ගැටළු අතරට ත්‍රස්ථවාදය එක්වි තිබේ.එසේම මෙම ත්‍රස්ථවාදය මර්ධනය කිරිම සදහා ගත හැකි සියළු ක්‍රියාමාර්ග සහ උපායන් මොවුන් ගෙන තිබේ.

ඇමරිකාවට එල්ලවු අල්කයිඩා ප්‍රහාරයත් ඉන්දියාවේ රජිව් ගාතනය සහ මැතකදි එල්ලවු මුම්බායි ප්‍රහාරය ත්‍රස්ථවාදය එපාම කරවිමට මෙම රජ්‍යන්ට හොදින්ම හේතුවු කරැනු වු අතර ඇෆ්ගනිස්ථානයේ බින්ලාඩන් සොයා තවමත් යුධවදින්නේ ඔවුන්ට මේ සිදුවු අලාබයට වන්දි ලබා ගැනිම සදහාය.එසේම රජිව් ඝාතනය කිරිමට සැලසුම් කල නිසා එල්ටිටි සංවිධානය ඉන්දියාවේ වරදකරැවන් වි ඇති අතර මුම්බායි ප්‍රහාරය පකිස්ථානයේ සහයෝගය ලබා කල ක්‍රියාවක් බව පෙන්වමින් පකිස්ථානය ත්‍රස්තයින්ට උඩ‍ගඩිදෙනවා කියා ලොවටම ඉන්දියාව කෑ ගැසු සැටි ඔබට තවමත් අමතක නැතැයි මම සිතමි.

මෙම ප්‍රබලම රටවල් දෙකම ත්‍රස්ථවාදින් වෙනුවෙන් දරන්නේ ඉතා දැඩි ප්‍රතිපත්ති වන අතර ලොවම මුහුනපා සිටින මෙම ත්‍රස්තවාදය ලොවින් තුරන් කිරිම සදහා තමන්ට හැකි සියළුම සහයෝගයන් දෙන බව මෙම රටවල් දෙකම ඔවුන් ත්‍රස්ථවාදින් ගෙන් බැට කැ සැම අවස්ථාවකදිම ලොවට හඩගා කිවෙමු.

නමුත් අපි කාගේවත් උදව් නැතිව පුරා වසර 30ක් මුලුල්ලේ බැටකැ ත්‍රස්තවාදයට ආයුබෝවන් කියන මේ මොහොතේ ලොවටම බණ කියන මේ උදවිය ලංකාවේ ත්‍රස්ථවාදින් වෙනුවෙන් දරන්නේ සානුකම්පිත අදහස්ය.

ඇමරිකාව එල්ටිටිය වෙනුවෙන් දරන සානුකම්පිත අදහස වන්නේ ඔවුන් සාමාන්‍ය ජනයා නිදහස් කර තුන්වන පාර්ශවයකට ආයුධ භාරදි යටත් විය යුතු බවය.එසේම ඔවුන් තවදුරටත් කියා සිටින්නේ ශ්‍රි ලංකා රජය එල්ටිට සමාජිකයන්ට ලබාදුන් පොදු සමාව එල්ටිටි නාකයන්ටත් ලබාදෙන ලෙසයි.

එසේම ඉන්දියාවේ මතය ලෙස පොදු මතයක් මෙතෙක් ‍ඉදිරිපත් නොවු අතර ඔවුන් ඉදිරිපත් කරන සියළුම මතවල හරය වි ඇත්තේ ප්‍රභාකරන් ඇතුළු එල්ටිටියට සමාව දිය යුතු බවයි.ජයලලිතා තමන් බලයට පත්වු පසු ද්‍රවිඩ ඊලමක් පිහිටුවිමේ සටනට සහය දෙන බව ප්‍රකාශ කර ඇති අතර කරැණානිධිද මෙයට සමාන අදහසක් ඉදිරිපත් කරමින් එල්ටිටි සංවිධානයට තම උපරිම සහය දෙන බව පවසා තිබේ.

මේ කුනුහරැප මොනැදැයි අප මේ දෙපිරිසගෙන්ම ඇසිය යුත්තේ බින්ලාඩන්ට සමාව නොදෙන්නේ ඔවුන්ගේ වෙලද මධ්‍යස්ථානයට එල්ල කල ප්‍රහාරය නිසාය. අපගේ මහ බැංකව,දළදා මාලිගාව,කොලොන්නාව තෙල් පිරිපහදුව ,කටුනායක ගුවන් තොටුපල ආදි දහසකතු ස්ථාන කල විනාශය සහ දහස් ගනනින් කල සහ කරන මිනි මැරැම් වලට වඩා ඔබලාගේ ඔය වෙලද මධ්‍යස්ථානය වටින්නේද යන්න සහ ඔබගේ රජිව් ගාන්ධි අපගේ ප්‍රේමදාස,ඇතුලත් මුදලි,ගාමිණි දිසානායක,කදිරගාමන්,ජේයරාජ් ආදි දහස් ගනන් නායකයින්ට වඩා වටින්නේද යන්නයි.

මේ වියරැවේ රගය දන්නේ අපිය.මෙහි ඇති අමාරැකම් දැනෙන්නේ අපිටය.ඇමරිකාවට ගැහුවාම ඔවුන්ට ත්‍රස්ථවාදය එපා සේම ඉන්දියාවට ගැහුවාම ඉන්දියාවට ත්‍රස්තවාදය එපා සේම දැන්නම් අපට මේ ත්‍රස්ථවාදය කොහොමටත් එපාය.තමුන්ට එපා කියන ත්‍රස්ථවාදය අපිට තියා ගන්න කියන්නේ කලිසන් ඇද දැයි මට නම් නොහැගේ.

ඔවුන්ට අකැපවිමට ඇති හේතු



අපිට කැප විමට ඇති හේතු




පසුව ලියමි.
මා විසින් මෙම ලිපිය ලිවිමෙදි වැරදිමකින්
බින්ලාඩන් වෙනුවට සදහම් හුසේන් ලෙස ලියා තිබු අතර එම වැරැද්ද chamila_dealwis විසින් පෙන්විමෙන් පසු මම එය නිවැරදි කල බව කරැණාවෙන් සලකන්න.


12 comments:

chamila_dealwis said...

පොඩි වැරදි ටිකක් තියෙනවා.
1)සදාම් මැරිලා දැනටම
2)9/11 වලට සදාම්ගෙ සම්බන්දයක් නෑ

අනිත් ඒවා ගැනනම් කියන්න තරම් දෙයක් නෑ

සසික නානායක්කාර said...

@ chamila_dealwis
සමාවන්න සිදුවු වරැද්ද ගැන මට බ්න්ලාඩන් වෙනුවට සදාම් ලිවිම ගැන මම එය නිවැරදි කරන අතර එම වැරැද්ද පෙන්නා දුන්නාට ඔබට ස්තුතිවන්ත වෙමි.

Chrishi said...

"නමුත් අපි කාගේවත් උදව් නැතිව පුරා වසර 30ක් මුලුල්ලේ බැටකැ ත්‍රස්තවාදයට ආයුබෝවන් කියන මේ මොහොතේ"

මෙම වාක්‍යයට එකඟ විය නොහැක. මන්ද යම් යම් අවස්ථාවලදි මෙම රටවල් ත්‍රස්තවාදයට එරෙහි යුද්දය සඳහා අප රටට උදව් කර තිබෙනවා. ඒක නැහැ කියන්න බෑ.

සසික නානායක්කාර said...

@ Chrishi
"නමුත් අපි කාගේවත් උදව් නැතිව පුරා වසර 30ක් මුලුල්ලේ බැටකැ ත්‍රස්තවාදයට ආයුබෝවන් කියන මේ මොහොතේ"
මම මෙයින් අදහස් කරන්නේ මේ මොහොතේ අපි කාගෙවත් උදව් නොලබා ලබන ජයග්‍රහනයන් පිලිබදවය.නැතිනම් ‍මෙම රටවල් අපට සේම ත්‍රස්ථවාදින්ට සහයෝගය දුන් අවස්ථාද ඔබට අමතක නැතිව ඇතැයි සිතමි.

-බිன்ku- said...

ඔබ සදහන් කරන ඇතැම් වගකිව යුත්තන් දේශපාලන තනතුරැ හොබවීම ගැන මොකද්ද හිතන්නේ?


ධනවාදී රාජ්‍යවලදී තමුන්ගේ මුලයන් විනාශ කරන ලක්ෂ්‍යන් විනාශ කිරිමට හා මාර්කට් කිරිම සදහා මේ දේ කරන්නේ. එයයි සදාම්ට එරෙහිව වෙන්නෙත්.

සසික නානායක්කාර said...

@ -බිன்ku-
මම ත්‍රස්තවාදයට විරැද්දවුවත් එම කණ්ඩායමක යම් කිසි පුද්ගලයෙක් තම වැරදි නිවැරදි කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට ඇතුළුවනවා නම් එය අගය කල යුතු අතර මම එය අගය කරයි.
ඔබ සදහන් කරන ඔය කරැණා සහ පිල්ලේයාන් පමනක් නොව ජනතා විමුක්ති පෙරමුනේ සිටින සියළුම දෙනාද මම දකින්නේ එවැනිම ත්‍රස්ථවාදි කන්ඩායමක් ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසිමක් බවයි.එසේම විමල් විරවංශ ඇතුළු කන්ඩායම එයින් ඉවත්වි වෙනම පෙනි සිටිමද මා දකින්නේ වඩාත් හොදින් ප්‍රජාතන්ත්‍රවාදි විමක් ලෙසයි.කිමද තමා කැමති දේශපාලන පක්ෂයක් නියෝජනය කිරිමද ප්‍රජාතන්ත්‍රවාදි අදහස්වන අතර පැසිස්ට්වාදය හො සමාජවාදය තුල මෙය දක්නට නොහැකි බැවිනි.

-බිன்ku- said...

හරි, එහෙනම් ප්‍රභාත් ඔය කියන්නාක්සේම "තම වැරදි නිවැරදි කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට ඇතුළුවනවා නම්" අවොත් මොකද්ද කියන්නේ?

-බිன்ku- said...

ඒ වගේම "තමා කැමති දේශපාලන පක්ෂයක් නියෝජනය කිරිමද ප්‍රජාතන්ත්‍රවාදි අදහස්වන" නිසා ඔහු යු එන් පී හෝ එවැනි පක්ෂයක හිටියොත් කුමක් කියන්නේද?

සසික නානායක්කාර said...

@-බිன்ku-
ඇයි ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව කාලේදි ප්‍රභාකරන්ට ‍ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට පිවිසිමට හොද අවස්ථාවක් ලැබුනා.එත් අවාසනාවකට ඔහුගේ නිච මානසිකත්වය ඔහුව යෙදෙව්වේ වෙන වෙන ක්‍රියාවලට.
ඉතින් මෙවැනි නිච යුධ මානසිකත්වයක් ති‍ෙබන මේ වගේ පුද්ගලයෙකුගෙන් කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවිමක් දැකිම කාවදාවත් නොවන බැවින් එවැනි දෙයක් කාථාකිරිමද නිශ්ඵල කාර්යකි.
ඇත්තෙන්ම එදා ප්‍රභාකරන් ඔළුව පාවිච්චි කරානම් අද ඔහු වෙනම රටක් ගොඩ නගාගෙන අවසන් බවත් අපි අමතක නොකල යුතු කරැනකි.

-බිன்ku- said...

බොහොම ස්තුතියි සසික, මා යමක් කම්ක් දැන තේරැම් ගත්තා කියලා හිතනවා.

ශාකුන්තල said...

කාගෙවත් උදව් ලැබුණෙ නෑ කියන්නම බෑ නේද? රුසියාවයි චීනයයි අපට උදව් කළා. එයාල නිෂේධ බලය පාවිච්චි නොකළා නම් UN එක මේකට අත දානවා. එහෙම නේද?

සසික නානායක්කාර said...

@ ශාකුන්තල
ඇත්තෙන්ම ඔව්.
මම මේ ලිපිය ලියන අවස්ථාවේ මෙවැනි පසුබිමක් තිබුනේ නැහැ මේ පිලිබදව.නමුත් පසුව යුන් එක තුල සාකාච්ඡා නොකල යුත බව මෙම රටවල් තරයේ ප්‍රකාශකිරිම මගින් තම බලපුළුවන් කම් අන් අයට නොපෙන්වන සැබැ ප්‍රජාතන්ත්‍රවාදි රටවල්ද ලොව තුල ඇති බව පසක් වුවා.
එසේම ඉන්දිය කොංග්‍රසයේ ත්‍රස්ථවාදය පිලිබද ප්‍රතිපත්තිය මැතිවරණය තුලද නොවෙනස්ව පැවතිමත්,තමිල්නන්ඩුව තුල ත්‍රස්තවාදින් වෙනුවෙන් පෙනි සිටි පක්ශ වෙත එම ජනතාව දැක්වු ප්‍රතිචාරයන් තුලින්ද මෙම තත්වය තවදුරත් පසක්වු අතර කොන්ග්‍රසයේ මෙම නොසැලෙන ප්‍රතිපත්තිය සමගින් ලද ජයග්‍රහනයද අගය කලයුතුය.

Post a Comment