ප්‍රභාකරන් කොටිහම ප්‍රථම වරට ගලවා දමා ඇත.මේ වන්නියෙන් ලැබෙන අළුත්ම ආරාංචි යයි.සිහින ඊලාමක් ගැන පිස්සුවෙන් නන්දෙඩවු මේ පාපතරයා දැන් දිවි රැක ගැනිම සදහා කොටි හම ගලවා යුධමුක්ත කලාපයේ අහිංසක සාමාන්‍ය ජනතාවට මුවාවී තම දිවි ගලවා ගැනිමේ නිරර්තක උත්සහයක යෙදෙයි.එයද තව නොබො දිනකින් ඊලාම් රාජ්‍ය මෙන් වියකි යනු ඇත.මේ පාපතරයාට අත්විය යුතු ඉරණම කුමක් විය යුතු ද? මම මෙම සටහන ලියන්නේ ඒ පිලිබදව නොව තවමත් අප අතර සිටිමින් මේ නිච මිනිමරැවාගේ සුදු හුණු ගැමක යෙදෙන අපේම උදවියට ත්‍රස්තවාදය කුමක් දැයි පෙන්වා දිමටය.
ලොවටම මානව හිමිකම් සහ අයිතිවාසිකම් පිලිබදව නිරතුරැ කතාකරන,ලංකාව තුල ඒවා නැතැයි ලොවටම හඩගාන අපේම දේශද්‍රේහින් ත්‍රස්තවාදින් මෙපමන අසරණව සිටියදිත් වර්තමානයේ හමුදාව අත්කර ගන්නා ආයුධ තොග ගණන් ඇස් පනා පිට දකිමින් තවමත් සාම ගිවිසුම් ගැන දොඩවයි.තව අය මේ ජයග්‍රහන නිසා කිරිමට දෙයක් නොමැතිව සමගිවිසුම නිසා කරැණා සහ පිල්ලේයාන් බේදි වෙන් ගිය නිසා මෙම ජයග්‍රහන ලබන බවත් පවසමින් බොරැ පුච්චං බස් දොඩවයි.කම්නැත මේ ජයග්‍රහනයන්හි අයිතින් කා හිමිකර ගත්තත් අපට ගැටලුවක් නොවේයි.මන්ද එය අපි හොදහැටි දන්නා බැවිනි.නමුත් දැන්වත් මොවුන් මේ කරැමක්කාරයාගේ සුදු හුණු ගැම නැවත්විමට උත්සහ නොකරන්නේ කුමන කාරණා මතදැයි මා හට නම් තවමත් නොවැටහේ....
එනමුත් ඔවුන් පවසන අයුරින් දමිල ජනතාවගේ එකම නියෝජිතයා සිංහල අපට පමනක් නොව අහිංසක දමිල ජනතාවටද 30වසරක් පුරා සාපයක් වි ඇත.එය තවම අවහන් නැත.එය අවසන් වනුයේ මේ පාපතරයින් සියලුදෙනාම අවසන් කල පසුව මිස එසදහා වෙන විකල්ප ක්‍රම නැත.
නියෝජිතයින් තමා නියෝජනය කරනා පාර්ශව විනාශ කිරිම කවදා අසා ඇත්ද? ප්‍රභාකරන් ඇතුලු මේ කොටි රැල යුධමුක්ත කලාපයේ සිටින අහිංසක ජනතාව බලෙන් රදවාගෙන ඇත්තේ ඔවුන්ට තර්ජනය කරමිනි.එම අණ නොතකන පිරිසට හිමිවනුයේ මරනයයි.මෙම දෙමල ජනතාවට අවශ්‍ය පාලන බලය නොව නිදහසේ හුස්ම ගැනිමේ අශාවයි.නමුත් මොවුන් ‍ගෙවන දුක නොදන්නා දකුනේ උදවිය දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් හිමිවිය යුතු බවට නන් දෙඩවයි.මොවුන් මේ කැගසමින් කියන්නේ මිනිස්කම නොහදුන මේ පාපතරයින්ට අහිංහක දමිල ජනතාවගේ ඉරණම විසදිමට අවස්ථාව දෙන ලෙසද?

මේ පාපතරයින් දිවිගලවා ගැනිමට පලාඑන අහිංසක ජනතාව අමු අමුවේ මරා දමා තිබුනේ මේ ආකාරයෙනි.


මේ දමිල ජනතාවගේ එකම නියෝජිතයාද ?????? දැන්වත් සිතන්න මේ වාර්ගික අර්බුදයක් නොව ත්‍රස්තවාදි කණ්ඩායමකි.ඔවුන්ට සිංහල,දමිල,මුස්ලිම් කියා වෙනසක් නැත.ඔවුන්ට අවශ්ෂ වන්නේ රැධිර යයි.එය තමා බිහිකල මවගේ වුවත් කම් නැත.මේ ත්‍රස්තවාදයේ හැටිය.මොවුන්ට සුදුහුණු ගන අයටත් හිමිවිය යුත්තේ මෙවැනිම ඉරණමක් නොවන්නේද?

2 comments:

ප්‍රසන්න කුමාර said...

මෙම සංසදයට ඇතැමුන් බැදී ඇත්තේ කොටින්ගේ ගමන ඉදිරියට ගෙනයාමටය. මෙවැනි මිනිසුන් මෙම සංසදයේ තවදුරටත් තබාගන්නේ ‍ඇයිද?. යන්න විමසා බැලිය යුතුය. කොතෙකුත් විරෝධතා මතු උවද ‍ඇඩ්මින්ලා මෙවැනි චරිත තවමත් තබාගෙන සිටින්නේ ඇඩ්මින්ලාත් මෙයට සම්භන්ධද යන්න ඇති වන ගැටලුවය. මෙය ඉවත් නොකරන්න. ඇඩ්මින්ලා මෙය බැලිය යුතුය. මෙය ඒ සදහා හොද ප්‍රා‍වේශයකි

-බිன்ku- said...

@ප්‍රසන්න කුමාර
එවැනි ඇත්තන් නොව සංසදය වෙනුවෙන් මම උත්තර දෙන්නම්. මේ සංසදය ඔබටවත් කාටවත් අවශ්‍ය විදියට ලිපි පල කරන්නට තැනු එකක් නොවන බව මතක තබා ගන්න. දෙපැත්තටම වන ඕනෑම කෙනෙකුට සංසදයේ නීතිවලට අනාකුලව ලිවිය හැකි බව මතක තබා ගන්න. කරුණාකර ඔබට අවශ්‍ය ආකාරයට ලිපි ලිවිය යුතුයැයි අන් අයට නොපෙන්වන්න. මට කියැවිමට අවශ්‍ය නැති තැන් වල අනවශ්‍ය ලිපි කියවා අලුයම හෙලු පිඩක්මෙන් අමතක කරන්නාක් සේම තමුන් තුල වාරණයක් ඇති කරන්නේ නම් මැනැවි. මනුෂයන් සියල්ලෝම එක සමාන නොවන බව මතක තබා ගන්න.

Post a Comment