Monday, August 10, 2009

අළුත්ම වේගසිමා පාලකය.

Posted by Sasika Nanayakkara

ඔන්න කලකට පස්සේ ආයි බ්ලොග් එක පැත්තේ ආවා.ඉස්සර වගේ නෙමෙයි දැන් ඉතින් මේ බ්ලොග් කෙරුවාවත් එපා වෙලා තියෙන්නේ.එක ඉතින් අද ඊයේ නෙමේ මගේ මුළු ජිවිත කාලේම තියෙන ලෙඩක්.පටන් ගන්නවා කැගහලා අන්තිමට මුකුත් නැහැ.

හරි හරි ඔන් එවා පැත්තකින් තියලා බලමු අද හම්බවුන අළුත්ම අයිටම් එක මොකක්ද කියලා.මේක නියම බඩුවක්.දන්නවනේ වැඩිපුර මාර්ග අනතුරැ යවන්නේ අධික වේගයෙන් රිය පැදවිම නිසා කියලා.එකට විසදුමක් විදියට වේගසිමා දක්වලා බොඩ්ලැලි ගහලා තිබ්බට එක සිමා වෙන්නේ බොඩ් එකටම විතරයිනේ.

අනිත් ක්‍රමේ තමයි අපේ පොලිස් මහත්හොරු ගස් අස්සේ හැංගිලා ඉදලා එක පාරට පැනලා අල්ලන එක.එකටත් අපේ කට්ටිය හොයන් තියෙනවනේ එක එක ක්‍රම සහ විධි.

ඒ නිසා මේක නම් මරු ක්‍රමේ.පෙන්නේ පාර මැද තඩි වලක් තියෙනවා වගේ.එත් තියෙන්නේ ස්ටිකර් එකක්.කවුරැ වුනත් හොයා‍ගත්ත කෙනා නම් මරු වැඩ කාරයෙක්.එත් දුකට හේතුව මේ ක්‍රමය ලංකාවට නොගැලපෙන එක.ඇයි ඉතින් මේවගේ ස්ටිකර් නෙමේ තඩි මාළු ඉන්න වලවල් වුනත් කිසිම කරදරයකින් තොරව ලංකාවේ පාරවල් වල හොයා ගන්න පුළුවන්නේ.





හැබැයි ඉතින් මේ වලවල් අපිට කජ්ජක්ද ඇහුවලු.

6 comments:

මනුශාන් said...

අයියෝ ඔය වගේ ද අපේ රටේ,ත්‍රීවීල් එකක එහෙම ගියොත් බලා ගන්න පුලුවන් අලි සබන් ගාලා නානවා
එකත් එකටම ඔකත් අපෙ රට වගෙ හදනවයි කියලා දියුනු වෙච්ච එකක්ද කොහෙද ? නැත්තන් කෝමද අපේ වේග පාලන ටෙක්නික්ස් ඒ ගොල්ලො ටෙස්ට් කරන්නේ

ප්‍රදීප් ලසන්ත said...

බුදු අම්මේ... අපේ රටේ තියන වලවල් වල හැටියට ඔවත් වලවල්ද....? ඊට වැඩිය ප්‍රශ්නයක් වෙනව ඕකට අපේ අය පුරුදු උනාම ඇත්තම වලවල් වලටත් වේගය අඩුනොකර අඩුකඩාගනියි..

නොදරුවා said...

මිත්‍රයා, මේක ඇත්තටම වෙළඳ දැන්වීමක්. මෙන්න වැඩි විස්තර:

http://adsoftheworld.com/media/ambient/pioneer_suspensions_pothole?size=_original

http://thepirata.com/pioneer-suspension-sticker-ads/

panhida said...

අයියෝ...මේවද මේ වලවල්...අපේ අයියලාට මේව මේ ගේමක්ම නෑ... :D

Kanishka | කණියා said...

හික් හික්... නරකම නෑ අයිඩියා එක.. :P

ඉන්දික said...

ඒකයි අපේ රටේ වලවල් වහන්නෙ නැත්තෙ..වේගේ සීමා කොරන්න.!

Post a Comment