Friday, June 12, 2009

සරසවි මැරයන්

Posted by Sasika Nanayakkara

උසස් අධ්‍යපනය ලැබිමට ලංකාව තුල හැකියාව පවතින්නේ ඉතාමත් සිමිත පිරිසකට පමනි.එබැවින් ලංකිය සමාජය තුල සරසවි වරම් ලද ඕනැම අයෙකුට නියතින්ම අන් පුද්ගලයින්ට වඩා වැඩි පිලිගැනිමක් සහ සැළකිමක් ලැබේ.නමුත් වර්ථමාන සරසවි තුල සිදුවන සිදුවිම් දකින විට සැබවින්ම මේ හොද අධ්‍යපනයක් ලබන සමාජයේ අනිත් සාමාන්‍ය පුද්ගලයින්ට වඩා වැඩි අවබෝදයක් සහ දැනිමක් ඇති පිරිසද නැතිනම් වෙනම පරිසරයක තම හිතුමතේට දිවි ගෙවන තිරිසනුන් පිරිසක් ද යන්න පිලිබදව දැඩි ගැටළුවකට ඕනැම පුද්ගලයෙක් මුහුණ දෙයි.මේ පිලිබදව ගැටළුවක් ඇති විමට ආසන්නම හේතුව වන්නේ ඊයේ දිනයේ ප්‍රදේශවාසින් සහ කැළණිය සරසවි සිසුන් අතර ඇතිවු ගැටුමයි.

මෙම දර්ශනය මොහොතකට බලන්න.



මෙම ගැටුම ඇතිවිමට හේතුන් ලෙස විවිධ පිරිස් විවිධ මත දරයි.ඒ අතර සරසවි සිසුන් පවසන්නේ මෙම ක්‍රියාව මර්වින් සිල්වාගේ මැරපිරිසගේ ක්‍රියාවක් බවයි.එසේම ප්‍රදේශවාසින් පවසන්නේ ඊට පෙර දින සරසවිය අසල වෙලද සැලක සරසවි සිසුවෙකු කාන්තාවකට හිරිහැර කිරිමට එරෙහි වු වෙළදසැල් හිමියාට සහ එම වෙලදසැලට එදින රාත්‍රි පිරිසක් විසින් පහර දිම මෙම ගැටුමට හේතුව බවයි.
මෙම ගැටුමට හේතුව කුමක් වුවත් වර්ථමාන සරසවි තුල සරසවියකින් බලාපො‍රොත්තු වන කාර්ය්‍යන් සිදුවනවාද යන්න අපහට ඇති ප්‍රධානම ගැටළුවයි.

9 comments:

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

සසික,
සරසවි සිසුන් මැර වැඩ වලට පෙල‍ඹෙන්නේ සරසවි‍ වල වරදක් නිසා නොව ඔවුන් ඒ තත්වයට පත් කරන අයගේ වැරැද්ද නිසා. දේශපාලන පක්ෂ විසින් සිසුන් අතකොලු කරගන්නවා ඔවුන්ගේ විවිධ වැඩ සඳහා කඩේ යවා ගන්නට. මේක සංකීර්ණ වගේම ඔඩු දුව ගිය ප්‍රශ්ණයක්. හිතාගන්න බෑ කවදා කොහෙන් කෙලවර වෙයිද කියලා.

කැලණියේ සිද්ධිය ගැන මගේ මතය නම් එය අදාල දේශපාලකයාගේ වැඩක් බවයි. මාධ්‍ය කීපයක පමණයි එය කියඋනේ. තරුණියකට හිරිහැර කල පමණින් එලව එලවා පහර දෙන්නට තරම් ගම්වැසියන් කෝපවෙයි කියලා හිතන්නට අමාරුයි. මගේ විශ්වවිද්‍යාලයේ ඔය තරම් ගම්වැසියන් කෝපගත්තේ සිසුන් පිරිසක් අතින් ගම්වාසී සිසුවක් ඝාතනය වීමෙන් පසුවයි.

සමාජය මෙම සිද්ධියේ වරද සිසුන් පිට පටවනු නැවැත්විය නොහැකියි. මොකද විශ්වවිද්‍යාල සිසුන් කියන්නේ වලි සඳහා නමගිය පිරිසක් ! එය වෙනස් කරන්න බැරිවෙයි තව කාලාන්තරයකට.

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

තවත් දෙයක් කියන්න ඕනෙ.
මම දැක්කා ඔබ තව බ්ලොගයක කියා තිබෙනවා මේ "සිසුන්" හැසිරෙන හැටිද කියලා.

මේකේ දෙපැත්තක් තියෙනවා. එක් අතකට අධ්‍යාපනය ලබන සිසුන් මෙසේ මැරයන් මෙන් ක්‍රියා කිරීම වැරදියි. අනේක් අතට විශ්වවිද්‍යාල සිසුන් කියන්නේ පාසල් ලමුන් නොව කරදඬු උස්මහත් වූ තරුණයන්. තමන්ට බාහිර බලපෑමක් එල්ල වන විට මිනිසුන් ඊට විරුද්ධව නැගී සිටීම ස්වභාවිකයි නේද? විශේෂයෙන් ආත්මාරක්ෂාවට?
මේ සිද්ධියේදී විශාල සෙනගක් තමාට පහර දීමට එලවන විට ඊට ප්‍රතිප්‍රහාර එල්ල නොකර වෙන මොනවා කරන්නද? අත් උස්සලා යටත් වෙන්නද?

අපි ඉගෙන ගන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. ඒවා නාස්ති කරන එක පාපයක් තමයි. ඒත් මේ සිදුවීම් හරි සංකීර්ණයි, විවිධ හේතු නිසයි මේවා සිදුවෙන්නෙ. ඒත් හැමවිටම විශ්වවිද්‍යාල සිසුන් පමණක් වැරදියි කියලා හිතන්නත් එපා, ඒ වගේම පිරිසක් විතරක් කරපු වැරැද්දකට මුලු මහත් විශ්වවිද්‍යාල ප්‍රජාවටම බනින්නත් එපා.

Single (තනියා) said...

@ ප්‍රවීන්,
'කැලණියේ සිද්ධිය ගැන මගේ මතය නම් එය අදාල දේශපාලකයාගේ වැඩක් බවයි.'
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඔබට ඇති සාක්ෂි මොනවාදැයි පවසන්න. අදාළ ඇමති වරයා මෙවැනි කරුණු බොහොමයක් සම්බන්ධයෙන් වැරදි කරු වුවත් මෙහි දී එසේ නොවන බව පෙනී යනවා. මේ සම්බන්ධයෙන් වැරදි පැත්තකට ඇඟිල්ල දිගු කිරීමෙන් සත්‍ය වසන් විය හැකි බව මගේ හැඟීමයි.

සසික නානායක්කාර said...

@ ප්‍රවීන් ඉන්ද්‍රනාම
උසස් අධ්‍යපනය ලබනවා යයි කියන පිරිසක් අන්අය‍ගේ උවමනා එපාකම් වලට මෝඩයන් රැලක්සේ මේ අන්දම්න් ක්‍රියාකරයි නම් මෙවැනි අධ්‍යපනයක් නොලැබු පිරිස් කොයිආකාරයට ක්‍රියාකරයිද?

ගැටුම් වලට නම්දැරෑ දේශපාලකයෙක් එම ස්ථානයට පැමිනීම පමණක් මෙම ගැටුමට ඔහුගේ සම්බන්ධතාවක් තියෙනවා යයි පැවසීමට ඔබ සතූ සාධක මොනවාද?

එසේම තරෑණියකට හිරිහැර කිරීම පමණක් නොව එයට එරෙහි වු වෙළදසැල් හිමියාට සහ එම වෙලදසැලට එදින රාත්‍රි පිරිසක් විසින් පහර දිම මෙම ගැටුමට හේතුවයි.

මහජන ධනය වැය කරමින් උසස් අධ්‍යපනයක් ලැබීමට යයි කියා යන මේ පිරිසගේ කරදඩු උස් මහත් වී ඇති බැවින් ඔබ කියන අයුරින් හික්මීමක් ඇතිකරගත නොහැකි නම් ඔවුන් කල යුත්තේ නිවසින් මුදල් රැගෙන විත් සටන් පුහුනුවක් ලැබීම නොවෙද?

Anonymous said...

නොදන්නාකමට ළදරුවන් දොඩවන මනොවිකාරයක් ලෙස සලකා මෙය නොසලකා හරින්නම්

සසික නානායක්කාර said...

@ Anonymous
එහෙමවත් කියමු.

liberal lanka said...

උදේ හවා ආන්ඩුවට කඩේ යන ශශික මර්වින්ටත් කඩේ යන හඩැයි. මිනිසුන්ගේ මුදල් ගෙන තක්කඩි වැඩ කරන ඇමති වරු ගැන වචනයක් නොකියන ශශික සරසවි සිසුන්ට පහර දෙන්නේ ඇයි? A/L pass වෙන්න බැරි උනාද?

සසික නානායක්කාර said...

@ liberal lanka
ඔබ කුමන කරැනක් නිසා මම ආණ්ඩුවට කඩේ යනවා යැයි කියනවාද කියා මට නම් නොවැටහේ.එසේම මම කිසිම අවස්ථාවක මර්වින්ටද කඩේ ගොස් නොමැත.
‍මම මෙම ලිපියෙන් ලිවිමෙන් පෙන්වාදිමට උත්සහ කලේ සරසවි සිසුන්ද මෙම ගැටළුවෙදි මැරයන් මෙන් ක්‍රියාකරන බව සහ මෙවැනි ගැටුම් හේතුවෙන් උසස් අධ්‍යපනයක් ලැබිමට පැමිනි අහිංසක සිසුන්ගේද අවස්ථාවන් අහිමි කිරිමක් බව පෙන්විමටයි.එසේම සරසවි තුල මෙවැනි මැරක්‍රියා සිදුවිමෙන් සිදුවන ජිවිත හානි වලින් දුක් විදින්නේ එම දරැවන් බිහිකල අහිංසක දෙමාපියන්ය.එයට හොදම නිදසුන වන්නේ මැතකදි රැපවාහිනි නාළීකාවක මියගිය සරසවි සිසුවෙකුගේ මවක් දැනටත් සුදු සාරිය පමනක් හැද මිය ගිය තම දරැවා වෙනුවෙන් සුසුම් සලයි.
මෙවැනි දේ පෙන්වා දිම හො මෙවැනි ගැටළුවක් පිලිබද කථා කිරිම සැබවින්ම මට a/l නොව 8 වසර සමත් නොවිමට නොහැකි විමෙන් ඇතිවු කෙන්තියෙන් පලිගැනිමක් බව ඔබ හදුනා ගැනිම පිළිබදව මාගේ ස්තුතිය පුදකර සිටිමි.

Anonymous said...

කැලනියේ ගැටුමට හේතුව

හොස්ටල් එකේ කොල්ලෝ පිටින් බඩු ගෙනත් ගැහීම
දවසක් මර්වින්ගේ හෙන්චෙකුගේ කෑල්ලක් කැමති කරවා ගැනීම (සල්ලි වලට)
හිතාගෙන හිටියට වඩා ලොකු ගැන්සියකට අඩු ගානට සැප දෙන්න සිදු වීම
මේකිට එතන හරි නොයාම
බඩුව හෙන්චා කුලප්පු කරවීම
හෙන්චා සහ කොල්ලන් අතර වලිය
වැඩේට මර්වින් මැදිහත් වීම
කොල්ලන් ටික හොඳහැටි ගුටි කෑම

ඔන්න ඕකයි ඇත්ත සිද්දිය

Post a Comment