ජිවිතයත් මරණයත් අතර දිවි ගෙවුවන් මේ මොහොත වන විට නිදහසේ හුස්ම පොදක් ගනිමින් සිටි.ඒ කැරිරැ ත්‍රස්ථවාදයෙන් බැටකැ අහිංසක දමිල ජනයා දැන් තම ජිවිතයේ ඉතිරි කාලයවත් සතුටින් ගත කිරිමට සිහින දකිමින් සිටිනවා නොඅනුමානය.අවතැන්වුවන් මේ මොහොතේ ගෙවන දිවිය පිලිබදව අවබෝධයක් ලබා ගැනිමට අපහට වෙනත් කිසිවක් නොව අප සැවොම මුහුණ දුන් සුනාමි විවසනයම සැහේය.අද උතුරේ සිදුවන්නේ ඉඩ වැඩි මිස අඩු නැති තම සියළු සේසතම නැතිවි ඇදිවත පමනක් උරැම වුනු මේ අතරට පාදයකින් පවා වන්දි ගෙවු අසරණයන් පිරිසක්ය.


දැන් මොවුන්ගේ ජිවිත යථාතත්වයට හැකි ඉක්මනින්ම ගෙන ආයුතු කාලය වන අතර ත්‍රස්ථවාදය අවසන් විම සමගම මේ අවතැන් වුවන් වෙනුවෙන් වෙනදාට වඩා බොහො පිරිස් එක්ව හඩක් නැගිම සතුටට කාරනයක් වන අතර මේ වෙනුවෙන් වර්තමානය වනවිට විශාල හඩක් නගන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු සමස්ථ එක්සත් ජාතික පක්ෂයට අප සැවොම ස්තුතිය පලකල යුතුය.

රනිල් වික්‍රමසිංහයන් පවසන්නේ ඔවුන්ගේ ජිවිත සුඛිත මුදිත කරවිමට නම් විවස්ථා සංසශෝධනනය ක්‍රියාත්මක කලයුතු බවත් එය රජයට ක්‍රියාත්මක කිරිමට කිසිදු බාදාවක් නොමැති නිසා එය සිදුකර එම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි අයිතින් ලබාදිය යුතු බවයි.එයට ඔවුන්ද පුර්ණ සහයෝගය ලාබාදෙන බවද පවසයි.

එය නම් සැබවින්ම හොද යෝජනාවකි අප මෙන්ම ඔවුන්ද මේ අයිතින් භුක්ති විදිමේ දැඩි අසාවක පෙලෙනවානොඅනුමානය.එහෙත්කුසට අහරක්,හිසටසෙවනක්,ගතට ඇදුමක්නොමැතිමේ අසරනයන්ට මුලින්ම දිය යුත්තේ මේකද? අඩුම තරමේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදි අයිතින් කන්නවත් පුළුවන්ද?




ශ්‍රී ලංකාව යනු දැනට ලොව තුල පවතින රටවල් අතරින් මානව හිමිකම් උල්ලංඝණය වන,මාධ්‍ය නිදහස නොමැති,දුර්වල ආර්ථිකයකට හිමිකම් කියන දැනට පවතින ලොව නරකම රටය.මෙවන් රටක් දැනට ලොව තුල නොමැති අතර මිට පෙර තිබුනාදැයි නොදනිතත් ඉදිරියෙදි මෙම රටට සමාන රටක් ලොව තුල බිහිනොවන බව නම් මෙම රටේ අතලොස්සක් පමනක් සිටිනා සැබැ දේශප්‍රේමින්ගේ අදහසයි.
මොනවා නැතිවුනත් කමක් නැතිමුත් වර්ථමානයේ මෙම රටේ දැකිය හැකි වඩාත් අභාග්‍ය සම්පන්නම සිදුවිම වනුයේ අතලොස්සක් පමනක් සිටින සැබැ දේශප්‍රේම්,මානව හිතවාදින් ටිකින් ටික රට අතහැර යැමයි.එසේම තවත් ටික දෙනෙක් පමනක් මෙම රටේ විනාශය ගැන හඩක් නගනා අතර ඔවුන් පවසන දැ කනකට වත් නොගන්නා අප වැනි පැසුනු බුද්ධියක් නැති බොහො දෙනා ඔවුන්ව විවේඡනයට ලක්කිරිමෙන් මේ ඉතිරිවි ඇති දේශප්‍රේමින්ටද රට එපා වි නොර්වේ හො කැනඩාව වැනි මෙම සියළුදේ සපිරැනු රටකට ගොස් තම දිවියේ ඉතිරි කාලය දැහැමින් සෙමින් ගතකර දමයිද යන්න මා තුල පැන නැගුනු ගැටළුවයි.

මෙසේ රට අතහැර යන සහ දැනටත් සියුම්හො හඩක් නගනා දේශප්‍රේමින් බොහො විට පවසන්නේ ඔවුන් දේශප්‍රේමි ලාංඡනයෙන් ඉවත් කර ඇති බවය.එසේ විමට හේතුව ලෙස ඔවුන් ඉරක වැරදි පැත්තේ සිටිම යන්න අපහට පහදා දිමට උත්සහ කලද එයද සාර්ථක නොවිය.

එසේම මෙම දේශප්‍රේමින්ට දැනට මෙම රට පිලිබදව කලකිරිමට ඇති ප්‍රධානතම ගැටළුවක් වනුයේ කිරබත් කා මහමග අපවිත්‍ර කිරිමයි.වසර 30ක් පුරාවට මහමග මියගිය සාමාන්‍ය ජනයාගේ රැධිරයෙන් අපවිත්‍රවිමට වඩා මෙය අසෝබන ක්‍රියාවක් බැවින් මොවුන් මෙසේ කිරිම නුසුදුසු බව පෙන්වා දෙයි.

එසේම ඇතැමෙක් දමිල ජනයා හමුදා කදවුරැ තුල දුක්පිඩා විදින බවත් ‍එය නොමනා ක්‍රියාවක් බව පෙන්වමින් නියම දේශප්‍රේමිත්වය තුලින් එම ජනතාවට දැනට අත්‍යවශ්‍යම දෙය වනුයේ ආහාර පාන,ඇදුම් පැලදුම් ආදිය නොව ඔවුන්ට ඉක්මනින්ම පාලන බලය ලබාදිය යුතුබව පවසයි.බඩගින්නේ මලත් තමන් විසින් තමන් පාලනය කරගැනිම කොතරම් සැපක්ද?

මෙවැනි අල්පයක් පමනක් දැකිය හැකි සැබැ දේශප්‍රේමින්ගේ ප්‍රධානියකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ද වර්ථමානය වන විට රටද,තම විපක්ෂ නායක කමද එපා වි ඇති සේය.එසේ විමට මෙවැනි හේතුවි ඇති කාරණා කුමක් වුවත් නොපැසුනු බුද්ධියක් ඇති අප වැනි බහුතර ජනතාවට නිකමට හො මෙයට හේතුන් වනුයේ මෙම කරැනු විමට නොහැකි දැයි සිතේ.

ජාතික විරයෙක් ඉතා පිලිකුල් සහගත ලෙස මරාදමා රටේ විරයන් විමට උත්සහ ගැනිම.

මානව හිමිකම් උල්ලංඝනය කිරිම් කොතරම් කරත් ලෝක ප්‍රජාව මෙය හරි හැටි අවබෝධ කර නොගැනිම.

සැබැ දේශප්‍රේමින් වන මොවුන් වැනි අය ලංකාවේ දේශද්‍රෝහින් ලෙස නම් කිරිම.

තමන් ත්‍රස්ථවාදය අවසන් කිරිමට හො දියුණු කිරිමට ලබා දුන් සහය එලිවේය යන බිය.

හෝ මෙම මිනිමරැ ත්‍රස්ථයා අවසන් කිරිමට පටන් ගත් දින සිට මෙම මිනිමරැවා අවසන් ගමන් යන තුරැම මොහුව කෙසේ හො රැක ගැනිමට සහ ත්‍රීවිධ හමුදාව සහ ඒ වෙනුවෙන් කැපවුන පිරිස් මානසිකව වැට්ටවිමට ගත් උත්සහයන්ද අසාර්ථකවු කල සැබැව අවබෝද වු ලංකිය ජනයා ප්‍රභාකරන් යවපු දිහාවට තමාවත් යවයි යන බිය නිසාද?

Tuesday, May 19, 2009

ටිවි බලන්න

Posted by Sasika Nanayakkara


ඔන්න අඩහැරයෙන් ITN සජිවිව බලන්න පුළුවන්.


බලන්න මෙතනින් යන්න

වසර 30ක් තිස්සේ ලංකිය සියළු ජනතාවට අපා දුක් විදිමට සැලැස්වු ‍ඒ කෘර පාපතරයා අද දින අප සියළු දෙනාට සාමය,සතුට ලගා කරමින් තම සංවිධානය සමග වැලලිගොස් හමාරය.









Monday, May 18, 2009

මේ අපේ උදාරවු මාතෘ භුමියයි.

Posted by Sasika Nanayakkara



ලක් දෙරන ලෙයින් නැහැවු එ පපාතරයා අද දින අප අතරින් සදහට සමුගෙන ඇත්තේ ලක් දෙරන තුල ජිවත්වන සියළු ජනතාවට නිදහසේ හුස්ම පොද ගැනිමේ අවසරය ලබා දෙමිනි.පුරා වසර 30ක් තිස්සේ මේ පාපතරයාගේ කෘරකම් වලට නතුනොවු ජාතියක්,ආගමක් මේ ලක් පොලව තුල නොවිය.සියළු දෙනා මෙම පාපයෙන් එකසේ බැට කැහ.
එහෙත් මේ පාපතරයන්ට අද දින විරෝධාර හමුදාවන් දියයුතු නිසි දඩුවම ලබාදි ඇති අතර මෙවැනි සංවිධානයක් නියපොත්තෙන් කැඩිය යුතු කාලයෙදි තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා එසේ නොකර මෙතෙක් වර්දනය විමට ඉඩ තැබු සියළුම දෙනා මෙම වියසනයට ගොදුරැවු සියළුදෙනා සදහාම වන්දි ගෙවියයුතු හොදම කාලයද මෙයම නොවන්නේද?
එසේම මෙවැනි පාපතරයන් ලක් දෙරන තුල නැවත බිහි නොවිම සදහා ද අප විසින් කල යුතු ක්‍රියාකාරකම් රාශියක් ඇති අතර ලක් දෙරනට සැබැ නිදහස නියත වශයෙන්ම හිමිවනුයේ අද නොව සියළු ලංකික ජනතාවට සැබැ විමුක්තිය උදාවු දිනයටයි.එ දිනයද වැඩි ඇතක නොවන බව නම් ඉර හද මෙන් විශ්වාස අතර ඒ ජනතාව සැබැ නිදහස ලබා අප සියළු දෙනාම එකට මේ සොදුරැ නිදහස භුක්ති විදින දිනයද මේ අයුරින්ම උදාවේවා යන්න මගේ ඒකායන පැතුමයි.
එසේම මෙම විර ක්‍රියාව සදහා නොපසු බට උත්සහයෙන් කටයුතු කල ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු රජයටත් ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ ඇතුළු ත්‍රිවිද හමුදාවේ සේනාධිනායකයින් ඇතුළු සියළුම රණ විරැවන්ටත් අපගේ උත්තමචාරය මේ මොහොතේ පිලිගන්වනු ලබන අතර මේ නිදහස අපහට ලබාදිම සදහා දිවිදුන් සියළුම විරැවනුත් අප මේ මොහොතේ ගෞරවයෙන් මතක් කල යුතුය.
එසේම මෙම පාපතරයන් වෙනුවෙන් පෙනි සිටි සහ තවමත් පෙනි සිටින සියළු දෙනාටද මෙවැනිම හොද පාඩමක් ඉගැන්විමටද මේ හොදම කාලය නොවන්නේද?

Thursday, May 14, 2009

ප්‍රභාකරන්ට හුලං ගැහිල්ල.

Posted by Sasika Nanayakkara

ප්‍රභාකරන්ගේ දැන් ඉහමොල රත්වි ඇතුවාට සැකයක් නම් නැත.ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන්ගේද දැන් දෙකොන පත්තුවි ඇත.රනිල් වික්‍රමසිංහටත් දැන් කරකියාගත නොහැකි තත්වයකට පත්වි ඇත.බැරිම තැන අන්තිම හුලං පොද ගැසිමේ අසාර්ථක උත්සහයකට මේ දවස්වල රනිල් කර ඇරන් වැඩය.ඔහු නොර්වේ ගොස් යුද්ධය මේ අවසාන මොහොතේ නවත්වන ලෙස පවසයි.හේතුව ලෙස දක්වන්නේ සිවිලි ජනතාවය.ඔවුන් ජිවිතයත් මරනයත් අතර සටනක නියැලෙන බව නම් සැබැය.එහෙත් මේ අද ඊයේ සිට නොව 30 වසරක් පුරාවටය.‍ඒ බව තම හැදිවත පමනක් සහිතව හමුදා ප්‍රදේශවලට පැන එන ජනතාව හොදින් පවසයි.
එහෙත් රනිල්ට මේ හදිස්සියේ මෙම ජනතාව මතතක් වි තිබෙන්නේ මොවුන් ගැන ඇති කැක්කුමකටද? නැත. මේ අවසන් මොහොතේ හො ප්‍රභාට පන ටිකක් දිමටයි.ඒ සදහා පෙරකල උදව් කල පැරනි සගයින් ද මේ වැඩෙට හවුල් කරගෙනය.
ලංකාව තුල පක්ෂ විපක්ෂ කියා බේදයකින් තොරව අප සියළු දෙනාම මේ මිනිමරැවා නිසා විදි දුක අපමනය.නිවැරදි නායකයෙකු නම් කලයුත්තේ මේ සැවොම බැට කන මේ ත්‍රස්තවාදය අවසන් කිරිමට මේ අවසන් මොහොතේ කුමන මතිමතාන්තර තිබුනද සහය දිමයි.නමුත් මේ මිනි මරැවා රකිමින් ජාතියට වින කිරිමට ජාතියක් විදියට අප කල පව කුමක් දැයි නම් මා නොදනි.

Wednesday, May 13, 2009

දැන් තියෙන අළුත්ම හිට් එක.

Posted by Sasika Nanayakkara


කලින් කලට හිට් වෙන දෙවල් තිබේ .හරියට මේ බ්ලොග් වගේය.දැන් තියෙන අළුත්ම එක නම් කොටි කටෙන් ගැලවි එන අහිංසක දමිල ජනතාව නැවතත් හමුදාවේ කදවුරක ජිවත්වන බව කියා කැගැසිමය.මේ සමගම තව එකක් ඇත.එනම් ලංකාව ලේ විලක්බව හඩ නගා කිමය.මේ වදන් අද හිට්වෙන හොදම දෙවල්ය.
මට මෙම සටහන ලියන්නට අදහස් වුයේ අද වික්‍රමභාහු මහතාත් ඊයේ දින සංගරි මහතාත් කල ප්‍රකාශයන්ය.
ඔවුන්ට මේ අලුත් දුක හදිසියෙම පහලවුයේ කෙසේ දැයි මම නම් නොදනිමි.එහෙත් මේ දුක දැනට වඩා දමිල ජනතාව විදි පෙර අවදිවල මේ දුකෙන් මිදෙනලෙස එක ඔය කයිගහන්නෙක්වත් කිව්වේ නැත.ඔවුන් දුක් විදිනබව,එ සදහා විරැද්ධවිය යුතුබව මොවුන් පමනක් නොව ‍දැන් දගලන ජත්‍යන්තර කොටි හිතවාදින්ද කිව්වේ නැත.දැන් ඒ ජනතාව නිදහසේ හුස්ම ගන්නවාටවත් මේ හැත්ත තුල කැමැත්තක් නැත.ඒ මන්ද මට සහ ඔබට මෙන් නොව මෙම ත්‍රස්ථවාදය වැපිරිම තුලින් ඔවුන් තම බඩ වඩාගන්නා බැවිනි.
අද නැතිනම් මේ කරැණාරත්න මහතාට හදිසියේ මෙවැනි දුකක් ඇති විමට කිසිදු හේතුවක් නොමැත.එසේම ශ්‍රි ලංකික අප පුරා 30 වසරක් විදි මේ අපාදුක නිමාවන් මේ මොහොතේ සමස්ථ ශ්‍රි ලාංකික අපවෙනුවෙන් නොව තමන්ගේ ලොකුකම් පෙන්වමින් මේ ත්‍රස්ථයන් රකිමින් අප රටේ විනාශයට තවතවත් උරදෙන මෙම ජාත්‍යන්තර ප්‍රජාවට බස් රථ තුල ,දුම්රිය තුල,ආගමික මධ්‍යස්ථාන තුල නැගුනු වෙඩි හඩ නැසුනේ මන් දැයි මා හට ඇති ලොකුම ගැටළුවයි.

(හෙට කියනවා රනිල්ගේ අළුත්ම හිට් එක)

Sunday, May 10, 2009

]පන්ති අතර class එක[

Posted by Sasika Nanayakkara

දැනට ලොව තුල බලවත් මෙන්ම දුබල රටවල් ද පිඩා විදින තවත් එක් පිලිලයකි ත්‍රස්ථවාදය.මෙම ත්‍රස්ථවාදයට හොද හො නරක කියා දෙයක් නොමැති අතර මොවුන් තිරිසනුන් මෙන් තම අරමුනු තකා ඕනැම අමානුශික ක්‍රියාවක් කිරිමේ හැකියාව ඇති බව ත්‍රස්තවාදියෙකු නොවන ඕනැම පුද්ගලයෙක් අවිවාදයෙන් තොරව පිලිගනි.

එය ලොව බලවත්ම රාජ්‍ය යැයි හදුන්වා ගන්නා ඇමරිකාවටත් කලාපයේ බලවතා ලෙස හදුන්වන ඉන්දියාවටත් වෙනසක් නොවි තම ප්‍රධානතම ගැටළු අතරට ත්‍රස්ථවාදය එක්වි තිබේ.එසේම මෙම ත්‍රස්ථවාදය මර්ධනය කිරිම සදහා ගත හැකි සියළු ක්‍රියාමාර්ග සහ උපායන් මොවුන් ගෙන තිබේ.

ඇමරිකාවට එල්ලවු අල්කයිඩා ප්‍රහාරයත් ඉන්දියාවේ රජිව් ගාතනය සහ මැතකදි එල්ලවු මුම්බායි ප්‍රහාරය ත්‍රස්ථවාදය එපාම කරවිමට මෙම රජ්‍යන්ට හොදින්ම හේතුවු කරැනු වු අතර ඇෆ්ගනිස්ථානයේ බින්ලාඩන් සොයා තවමත් යුධවදින්නේ ඔවුන්ට මේ සිදුවු අලාබයට වන්දි ලබා ගැනිම සදහාය.එසේම රජිව් ඝාතනය කිරිමට සැලසුම් කල නිසා එල්ටිටි සංවිධානය ඉන්දියාවේ වරදකරැවන් වි ඇති අතර මුම්බායි ප්‍රහාරය පකිස්ථානයේ සහයෝගය ලබා කල ක්‍රියාවක් බව පෙන්වමින් පකිස්ථානය ත්‍රස්තයින්ට උඩ‍ගඩිදෙනවා කියා ලොවටම ඉන්දියාව කෑ ගැසු සැටි ඔබට තවමත් අමතක නැතැයි මම සිතමි.

මෙම ප්‍රබලම රටවල් දෙකම ත්‍රස්ථවාදින් වෙනුවෙන් දරන්නේ ඉතා දැඩි ප්‍රතිපත්ති වන අතර ලොවම මුහුනපා සිටින මෙම ත්‍රස්තවාදය ලොවින් තුරන් කිරිම සදහා තමන්ට හැකි සියළුම සහයෝගයන් දෙන බව මෙම රටවල් දෙකම ඔවුන් ත්‍රස්ථවාදින් ගෙන් බැට කැ සැම අවස්ථාවකදිම ලොවට හඩගා කිවෙමු.

නමුත් අපි කාගේවත් උදව් නැතිව පුරා වසර 30ක් මුලුල්ලේ බැටකැ ත්‍රස්තවාදයට ආයුබෝවන් කියන මේ මොහොතේ ලොවටම බණ කියන මේ උදවිය ලංකාවේ ත්‍රස්ථවාදින් වෙනුවෙන් දරන්නේ සානුකම්පිත අදහස්ය.

ඇමරිකාව එල්ටිටිය වෙනුවෙන් දරන සානුකම්පිත අදහස වන්නේ ඔවුන් සාමාන්‍ය ජනයා නිදහස් කර තුන්වන පාර්ශවයකට ආයුධ භාරදි යටත් විය යුතු බවය.එසේම ඔවුන් තවදුරටත් කියා සිටින්නේ ශ්‍රි ලංකා රජය එල්ටිට සමාජිකයන්ට ලබාදුන් පොදු සමාව එල්ටිටි නාකයන්ටත් ලබාදෙන ලෙසයි.

එසේම ඉන්දියාවේ මතය ලෙස පොදු මතයක් මෙතෙක් ‍ඉදිරිපත් නොවු අතර ඔවුන් ඉදිරිපත් කරන සියළුම මතවල හරය වි ඇත්තේ ප්‍රභාකරන් ඇතුළු එල්ටිටියට සමාව දිය යුතු බවයි.ජයලලිතා තමන් බලයට පත්වු පසු ද්‍රවිඩ ඊලමක් පිහිටුවිමේ සටනට සහය දෙන බව ප්‍රකාශ කර ඇති අතර කරැණානිධිද මෙයට සමාන අදහසක් ඉදිරිපත් කරමින් එල්ටිටි සංවිධානයට තම උපරිම සහය දෙන බව පවසා තිබේ.

මේ කුනුහරැප මොනැදැයි අප මේ දෙපිරිසගෙන්ම ඇසිය යුත්තේ බින්ලාඩන්ට සමාව නොදෙන්නේ ඔවුන්ගේ වෙලද මධ්‍යස්ථානයට එල්ල කල ප්‍රහාරය නිසාය. අපගේ මහ බැංකව,දළදා මාලිගාව,කොලොන්නාව තෙල් පිරිපහදුව ,කටුනායක ගුවන් තොටුපල ආදි දහසකතු ස්ථාන කල විනාශය සහ දහස් ගනනින් කල සහ කරන මිනි මැරැම් වලට වඩා ඔබලාගේ ඔය වෙලද මධ්‍යස්ථානය වටින්නේද යන්න සහ ඔබගේ රජිව් ගාන්ධි අපගේ ප්‍රේමදාස,ඇතුලත් මුදලි,ගාමිණි දිසානායක,කදිරගාමන්,ජේයරාජ් ආදි දහස් ගනන් නායකයින්ට වඩා වටින්නේද යන්නයි.

මේ වියරැවේ රගය දන්නේ අපිය.මෙහි ඇති අමාරැකම් දැනෙන්නේ අපිටය.ඇමරිකාවට ගැහුවාම ඔවුන්ට ත්‍රස්ථවාදය එපා සේම ඉන්දියාවට ගැහුවාම ඉන්දියාවට ත්‍රස්තවාදය එපා සේම දැන්නම් අපට මේ ත්‍රස්ථවාදය කොහොමටත් එපාය.තමුන්ට එපා කියන ත්‍රස්ථවාදය අපිට තියා ගන්න කියන්නේ කලිසන් ඇද දැයි මට නම් නොහැගේ.

ඔවුන්ට අකැපවිමට ඇති හේතු



අපිට කැප විමට ඇති හේතු




පසුව ලියමි.
මා විසින් මෙම ලිපිය ලිවිමෙදි වැරදිමකින්
බින්ලාඩන් වෙනුවට සදහම් හුසේන් ලෙස ලියා තිබු අතර එම වැරැද්ද chamila_dealwis විසින් පෙන්විමෙන් පසු මම එය නිවැරදි කල බව කරැණාවෙන් සලකන්න.


5 වසරටවත් පාසල් ගොස් නොමැති Beyond Frame ට දේශප්‍රේමිත්වය සහ ආන්ඩුව කියන පටලවා ගෙන දගලති.දැගළුවත් කම් නැත එය අපට අවබෝද කිරිමේ ගොන් උත්සහයකද නියැලි සිටි.

මිට පෙර මා හට මොහුට දේශප්‍රේමිත්වය යන වචනයේ අර්තය පැහැදිලි කර දිමට සිදුවු අතර දැන් ආන්ඩුව යනනෙන් අදහස් කරන්නේ කුමක් ද කියා තේරැම් කරදිමටත් සිදුවි තිබිමෙන් Beyond Frame මෙපමන කයි ගසන්නේ රනිල් මෙන් කිසිවක් නොදැන ඔහේ කටට එන එක එලියට ඇද දමන්නෙක් බවත් පැහැදිලිවි තිබේ.

නමුත් ආන්ඩුව,යුන්පි එකෙන් පැමිනි පිරිස,දේශප්‍රේමිත්වය යන වචන එකි නෙකට වෙනස් අරතයන් ගෙන් යුත් වදන් වන අතර මෙය මට ඔබට වටහා දිය නොහැක්කේ ඔබ ඔය කළු රාමුවේ හිරවි සිටින නිසාය.

එසේම සසික නානායක්කාරට දේශප්‍රේමි විමට ආන්ඩුවක් අවශ්‍ය නැතුවා සේම Beyond Frame සේ නහය වහගෙන දෙඇස් වසා ගෙන ලජ්ජාවෙන් බිමට හරවා ගත් දෙනෙතින් යුතුව සිටමට අවශය නොවන්නේ මා එසේ කගෙවත් රාමුවකට කොටුවි හො කාහටවත් කඩේ නොයන නිසාය.
මොහු ගිය කඩේ බලන්න මෙතනට යන්න

දැන්වත් ගිය යුන්පි කාරයින්ට බැන බැන,ගොන් බයිලා කියව කියව නො සිට රනිල් සමග එක්වි ඉන්න එවුන් ටික රැක නොගත්තොත් Beyond Frame වන්තේත් හෙළුව වසා ගැනිමට මුහුන නොපෙන්වා යැමටය.(දැනට හෙළුව වසන් මුහුන පෙන්වන් ඉන්නා බැවිනි)

Beyondframeට අවසාන වශයෙන් අඩහැරයෙන් ‍පවසන්නේ ඔබ දේශප්‍රේමි නොවන්නේ ඉරක හො ඉන්න පැත්තේ ගැටළුවක් නිසා නොව රෙදි කිළිටි යයි කියන නිසා නොව ඔබ සහ ඔබ නියෝජනය කරන පිරිස පරාජයෙන් වියරැවි කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද? නොවැටහි ලිදේ සිටිනා මැඩින් මෙන් තම වටපිටාව නිරවුල් මනසකින් නොබලන නිසාය.

දැන් රෙද්ද අස්සෙන් නොව රෙද්ද කඩාදමා හෙලූව පේනවන්නේ ඔබම නොවන්නේද?

Thursday, May 7, 2009

ඉර පැන දේශප්‍රේමිවන Beyond Frame

Posted by Sasika Nanayakkara

Beyond Frame ගේ ‍අළුත්ම නියාය වන්නේ දේශප්‍රේමි විමේ ඉරි පැනිමේ නියායයි.මොහුගේ අදහසට අනුව දේශප්‍රේමිත්වය නිර්වචනය කරනවා නම් දේශප්‍රේමය යනු ආන්ඩුවේ පැත්තට ගොස් ආන්ඩුවට කඩේ ගොසින් ලකුණු දමා ගැනිමයි.

නමුත් මා දන්නා දේශප්‍රේමය නම් තමන් උපන් දේශයට ඇති ආදරය යයි. මෙය තිබිමට මගේ හැටියට නම් ඉරක් පැනිය යුතු නැත.එය ගමේ ජිවත්වන ගැමියෙක් තුලද පැවතිය හැක.හැක නොව අනිවාර්යෙන්ම පවති.

නමුත් Beyond Frame මෙය තිබිම තියා මේ දේශප්‍රේමිත්වය,ජාතිකත්වය යන හැගිම් නැතිවා පමනක් නොව මේ වැනි වදන් පිලිබදව නිසි අවබෝධයක් ද නොමැති බව මෙම ඉරි පැනිමේ කථාවෙන් මනාව පැහැදිලි වන අතර මොහු විසින්
අඩනා අඩහැරය ලිපිය ලියමින් ඉර පැන දේශප්‍රේමිත්වය ලබාගන්නා ආකාරය පිලිබදව අවබෝදයක් මා හට ලබා දිමටද කටයුතු කර ඇත.

නමුත් ඔබ කියන ඔය ‍ඉරි දේශප්‍රේමිත්වය සහ මා කියන දේශප්‍රේමිත්වය දෙකක් බව ඔබට නොවැට හෙන්නේ මෙම වචනයේ තේරැම පිලිබද නිසි අවබොදයක් ඔබට නැති නිසාද නැතිනම් ඔබ නියෝජනය කරන පාර්ශවය මේ දේශප්‍රේමිත්වය කියන වචනය නයාට අදුකොල පෙනෙන්නාක් සේ දැකිමෙන් ඇතිවන නුරැස්සන ගතිය නිසා දැයි මට හරි අවබෝදයක් නොමැත.

නමුත් ඔබ කඩේ යන පාර්ශවය කුමක්ද යන්න පිලිබදව නිසි අවබෝදයක් නම් ඔබගේ මෙම ඉරි දේශප්‍රේමිත්වය මාහට ඉගැන්විමට යැමෙන් නම් අවබොද විය.

ඔබ සදහන් කරන ආකාරයට දැනට සිටින හොදම දේශප්‍රේමින් කණ්ඩායම නම් එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ආන්ඩුවට එක්වු පිරිසත්,ජවිපය කඩන් ආ පිරිසත්,එල්ටිටිය කඩන් ආ පිරිසත්ය.නමුත් මගේ හැටියට නම් ලංකාවේ සුබ සිද්ධිය වෙනුවෙන් ඕනැම කැපවිමක් කරන්න පුද්ගලයා හොද දේශප්‍රේමියෙකි.

මෙසේ ඔබ දක්වන පිරිස අනුව ඔබට ඇත්තේ දේශප්‍රේමිතවය පිලිබදව ගැටළුව නොව මෙම කන්ඩායම් එක්විමෙන් කවදාවත් බලය ලාබා ගත නොහැකි බව අවබෝද විමෙන් ඇතිවන්නා වු කේදිරියේ හඩ නොවන්නේද?

එසේම ඔබත් ඔය සටහන මකා දමා දේශප්‍රේමි ඉර පැනිමෙන් ලබා ගත හැකි යයි කියන ඇමති ධුරයෙන් මම මහ මග කානුවටම ඇද දමන ප්‍රතිපත්තියද ඔබගේ නොව එයද ඔබ කඩේ යන පාර්ශවයෙන් ඉල්ලා ගත් එකක් බව නම් මනාව පැහැදිලිය.

එයවත් කර දැන්ම ඉර පැන ඔබත් ඹය කියන ආකාරයට දේශප්‍රේමි විම වඩා හොදය.මා දෙකේ කොලයට වැටිම ගැන නොසිතුවාට කම් නැත.මන්ද නැතිනම් ඔය විපක්ෂයේ ඉතිරි වන්නේ රනිල් සහ Beyond Frame පමනක් වන නිසාය.

එසේම මම නැවත්ත සදහන් කරන්නේ ආන්ඩුවේ සිටන ඔක්කොම දේශප්‍රේමින් කියා නොව දේශප්‍රේමි විමට නම් ආන්ඩුවේ රෙදි සේදිය යුතුම නැති යයි කියාය යන්න විකල් වු මනසින් නොව නිදහස් මනසින් කියවා අවබෝද කරගන්නා ලෙස ඉල්ලා සිටිමට කැමැත්තෙමු.

Wednesday, May 6, 2009

ඉරි පනිමින් දේශප්‍රේමි විම.

Posted by Sasika Nanayakkara

දැන් දැන් දේශප්‍රේමි විමට පෙලබෙන පිරිස වැඩිවි තිබේ.එක්සත් ජාතික පක්ෂය,ජතතා විමුක්ති පෙරමුණ ලහි ලහියේ මේ සදහා පෙල ගැසෙමින් සිටි.ඔවුන්ට හදිස්සියේ ඇතිවු මෙම ක්ෂණික පෙරළිය ලෙහෙසියෙන් ලබාගත නොහැකි බව වැටහෙන්නේ එසේ කිරිමට ගිය සියළුදෙනා දේශප්‍රේමිවිම කෙසේ වෙතත් ඒ තුලින් ඔවුන් නා ගත් නිසාය.එය නිකන් නා ගැනිමක් නොව ඇදගෙන නා ගැනිමක් වු නිසාය.මෙයට කදිමම නිදසුන රංග බණ්ඩාරයන්ය.එම නිසා නා නොගෙන හදිස්සියේ කාහට වුවද ‍ දේශප්‍රේමිවිමට අවශ්‍ය නම් එ සදහා මේ පිලිබදව නම් දැරැ උපදේශකයෙක් සිටි.ඔහු නමින් Beyondframe ය.
මොහුගේ විදියට නම් දේශප්‍රේමිවිමට රේඛාවක් පැනිය යුතු අතර එසේ නොපැන දේශප්‍රේමි විය නොහැක.එසේ පයින විටද පැනිය යුත්තේ නිවැරදි පැත්තටය.නැතිනම් හොම්බ බිම ඇනේනවා ෂුවර්ය.මොහුගේ විදියට විපක්ෂයට හොදින් දේශප්‍රේමි විය නොහැක්කේ රේඛාවේ වැරදි පැත්තේ සිටිමය.එසේම මොහු පවසන විදියට හොදින් දේශප්‍රේමිවිම යනු ආන්ඩුවේ රෙදි හොදින් සේදිමය.නැතුව මෙය තම උපන් දේශය පිලිබදව ඇතිවු ආලය නොවේය.
මෙපමන දේශප්‍රේමිවිම පිලිබදව හොද අවබෝධයකින් යුතු ‍මොහු මේ ඉර නොපැන දේශද්‍රෝහිවි ඇත්තේ ඇයි දැයි යන්න ඔහු සදහන් කරන්නේ මේ අයුරිනි.

"ඇත්තටම Beyondframeටත් වුවමනා නම්, ලජ්ජාවක් නැතිනම්, මේ නැවට ගොඩවිය හැකි ය. කළයුත්තේ දැන් ඉන්න දේශපේ‍්‍රමීන්ට ද වඩා දේශපේ‍්‍රමී වීම ය. බඩු ෂුවර් ය. පට්ටමක් තනාන්තරයක් අඩුවශයෙන් ජනාධිපති උපදේශක කමක් නම් වරදින්නට හේතුවක් නැත.
අවශ්‍ය නම් සසික නානායක්කාරලා දේශපේත‍්‍රමිත්වයේ දෙකේ කොළේට පහත දමා අයින් කර දැමීමට හැකිය. අවශ්‍ය ඉර පැනීම ය. එතකොට මේ ලියූ සටහන් ද දළදා මාළිගාවට ගැසූ ප‍්‍රහාරය මෙන්ම අමතක කර දැමිය හැකි ය.
ඉර පැනීමෙන් මුලූ ඉතිහාසයම එකවර අමතක කර Beyondframe ට අයත් කර ගත හැකි මේ බලය ගැන සංවේදී නොවුනොත් සසික නානායක්කාරලාගේ අනාගතය හොඳ වෙන එකක් නැත."

සැබවින්ම මෙහුට ඇති ගැටළුව දේශප්‍රේමි විමට ඇති ලැජ්ජාවද?නැතිනම් මොහු දේශප්‍රේමි උවහොත් හිමිවනවා යැයි කියන උපදේශක තනතුරට ඇති බියද?නැතිනම් මා දෙකේ කොලේට වැට්ට විමට ඇති නොකැමැත්තද?නැතිනම් මාගේ අනාගතය නරක් වනවා දැකිමට ඇති නොකැමැත්තද?නැතිනම් මේ කිසිවක් නොව දැනට ආණ්ඩුවට බනිමින් විපක්ෂයේ හෙළුව වසා දැමිමට මොහු විසින් විපක්ෂයෙන් ලබාගෙන ඇති කොන්ත්‍රත්තුව අවසන් වේ යැයි ඇති බියද?යන්න මාහට ඇති ගැටළුවවේ.

යුධ හමුදාව එල්ටිටි සංවිධානය විසින් ගැඹුරැ මුහුදේ නවතා ඇති නැව් වලට පහසුවෙන් පිවිසිම සදහා නිර්මාණය කරන ලද අඩක් වැඩ නිමවු උමං මර්ගයක් සොයාගෙන ඇති අතර මෙය ත්‍රස්ථවාදි සංවිධානයක් විසින් නිර්මාණය කරන ලද ප්‍රථම මුහුදු උමං මාර්ගයයි.මෙසේ සටන් විරාමයකට මුවා වෙමින් දමිල ජනයාගේ විමුක්තිය උදේසා කැපවෙනවා යැයි පවසමින් තම විමුක්තිය උදෙසා මේසා විශාල නිර්මානයන් සිදුකල මොවුන්ගේ දැනුම යහපත් කටයුතු සදහා යොමු වුවානම් කොතරම් වටින්නේද?


එසේම මෙම සංවිධානය සම ගිවිසුමකට මුවා වෙමින් තවත් වසරක් දෙකක් පැවතියේ නම් ලංකා භුමියෙන් 3න්1ක් නොව සියල්ලම ඊලාම් රාජ්‍යට පරිත්‍යග කිරිමට සිදුවනවා නම් නොඅනුමානය.එහෙත් ලක් දෙරණ තුල උපන් ඔබත් මමත් එතරම්ම පව්කර නොමැත මේ මිලේච්ඡයාගේ පාලනයට නතු විමට.



ප්‍රභාකරන්ගේ සිහින දේශය දැනට සහ ඉතිරිවි ඇති ප්‍රදේශය


ප්‍රභාකරන් දුටු සිහින ඊලාම් දේශයේ දැනට ඉතිරිවි ඇති ප්‍රදේශය බලන්න

ලංකිය දේශපාලන ‍කරලියේ වර්තමාන විපක්ෂය මොංගල් චරිතයක් මනාව රග දක්වමින් සිටි.දැන් දැන් ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශයන් සහ වැඩසටහන් තුලින් මෙය මනාව අවබෝධ වෙයි.අතිතයේ ශක්ති සම්පන්න ප්‍රබල දේශපාලන බලවේගයක් වු එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයා ප්‍රමුඛ අනුගාමිකයින් සියළු දෙනාම මෙම රංගනය ඉතාමත් හොදින් රගදක්වයි.ලංකිය ඉතිහාසයේ ප්‍රබල චරිත බිහිකල එක්සත් ජාතික පක්ෂය තුලින් වර්තමානය වන විට විහිළුකාරයන්ගේ චරිත පමනක් එලි දකින්නේ කාගේ වාසනාවකටද? කාගේ අවාසනාවකටද? යන්න පැහැදිලි නොවුවත් මෙම රංගනයන් තුලින් ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් බලාපොරෝත්තු වන සාමාන්‍ය ජනතාවට නම් දේවියන්ගේම පිහිට පමනක් හිමිවන බව බලය හිමි පිරිස හෙවත් ප්‍රධාන නළුවාගේ රංගනයෙන් නම් හොදින් අවබෝදවේ.
රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමට නම් ප්‍රබල විපක්ෂයක් සිටිය යුතු අතර ඔවුන්ට ඒ සදහා විශාල වගකිමක් සහ කාර්ය භාරයක් සිදුකිරිමට ඇත.නමුත් වර්තමානයේ විපක්ෂය තුල තම වගකිම් පැහැර හැර දේශපාලන බලය පමනක් ලබා ගැනිම සදහා ඕනැම නින්දිත පහත් ක්‍රියාවක නියලිමේ හැකියාවක් පවති.මේ සදහා හේතුවු ප්‍රධාන කාරනය නම් නිසි නායකත්වයක් මොවුන්ට නොලැබිමයි.දිගින් දිගටම ‍මැතිවරයන්හි පරාජය ලබමින් එම පරාජයන් වසාගැනිම සදහා විවිධවු හේතු දක්වමින් තම පරාජයන් වසා ගැනිමට උත්සහ කරන රනිල්ට සහ රනිල් සිටින තුරැ මෙම පක්ෂයට කවදාවත් නැගිටිමක් නැත.මෙම තත්වය තවදුරටත් පැවතිය හොත් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුල දැකය නොහැකි තත්වයකට පත්වනවා නම් නොඅනුමානය.නිසි නායකත්වයක් නිසි අරමුනක්,නිසි ප්‍රතිපත්තියක්,නිසි වැඩ පිලිවෙලක් නොමැති මෙම පක්ෂය පිලිබදව මනා අවබෝදයක් නම් වර්තමානයේ ජනතාවට නම් ඇත.
තම පක්ෂයේ මතය කුමක් දැයි මෙහි ප්‍රබලයන් නොදනි.ඔවුනුත් නායකයා මෙන්ම ඔහේ කටට එන දේ එලියට ඇද දමා පසුව කිවේ කුමක් දැයි සොයයි.මේ වන විට පක්ෂය තුල පැන නැගි ඇති අළුත්ම ගැටළුව වන්නේ බර අවි භාවිතය පිලිබදව තවත් නන් දොඩවන්නෙකුවු පමනක් වු රංග බණ්ඩාරයන් කල ප්‍රකාශයයි.මෙම ප්‍රකාශය එම පක්ෂයේ වර්තමානයේ මහත් විවාදයට ලක්වි ඇති අතර තවත් ප්‍රබල රැගුමක් රගදක්වන දොස්තර ජයලත් ජයවර්ධන මෙම ප්‍රකාශය ප්‍රසිද්ධියේම විවේඡනය කරමින් තව තවත් මෙම විහිළුව ජනතාව තුලට ගෙන යමින් සිටි.සැබවින්ම විපක්ෂයේ යුද්ධය සම්බන්දව මෙතෙක් තිබු හෝ දැන් පවතින ප්‍රතිපත්තිය කුමක් දැයි ජයවර්ධන තියා රනිල්වත් නොදන්නා බව නම් නිසැකය.නමුත් රංග බණ්ඩාරගේ ප්‍රකාශය පක්ෂයේ මතය නොවන බව නම් ජයවර්ධනයන් කිවත් නොකිත් අපනම් දනි.‍මන්ද එවැනි මතයක් යුද්දය සම්බන්ධයෙන් නොව කිසිම කරැණක් සම්බන්ධව මෙම පක්ෂයට නොමැති බැවිනි.රංග බණ්ඩාර පක්ෂයට අහිමිවි යන ජනප්‍රිය බව රැක ගැනිම සදහා වර්තමාන සමාජයේ වඩා රසවත්ම මාතෘකාව වු යුද්ධය අරමුණු කරගෙන එම ප්‍රකාශය කලද තමන් කිව්වේ කුමක් දැයි එය කිවු පසුත් ඔහු නොදන්නා බව නම් නිසැකය.නැති නම් මෙවැනි ප්‍රකාශයක් ඔහු කවදාවත්ම නොකරන්නේය.
හදිස්සියේ දේශප්‍රේමි වි බර අවි මතක් වුවද මෙතෙක් කල් හදිසි නිතිය පාර්ලිමේන්තුව තුල සම්මත කිරිමේදි මෙම පක්ෂය දැරැ නියාලු ප්‍රතිපත්තිය තුළින් මොවුන්ගේ දේශප්‍රේමිත්වය හොදින්ම අවබෝද වේ.හදිති නිතියට මොවුන්ගේ කැමැත්තක් තිබුනේ නැත.නමුත් අකමැත්තක්ද නොතිබුනි.මේ සදහා ඔවුන් ගත් ක්‍රියාමාර්ගය වුයේ ඒ අවස්ථාවේ මෙම ප්‍රශ්ණයෙන් පැන යැමයි.මෙවැනි පැන යන ප්‍රතිපත්ති වලින් පමනක් පිරි විපක්ෂයේ අනාගතය කුමක් සිදුවේ දැයි දන්නේ දෙවියන්ම පමණය.දැන් දැන් මෙම පක්ෂය තුල නැවතත් නියෝජ්‍ය නායක තනතුර සදහා ප්‍රබල ගැටුමක් අරම්භ වී තිබේ.ඒ වජිර අබේවර්දනයන් සහ සජිත් ප්‍රේමදාසයන් අතරය.මෙම අරගලයද කිසිදින නිමානොවන තත්වයකට පත්ව ඇත්තේ නායන රනිල් රග දක්වන භුම්කාව නිසාය.මොහු දෙපැත්තට වැනෙමින් මෙම ගැටළු විසදිමට ක්‍රියා නොකරන්නේ තමන් පිලිබදව පක්ෂයේ සාමාජිකයන් තුල ඇති කල කිරිම මෙම ගැටළු නිසා මදකටයටපත් වන බැවින් විය යුතුය.

මේ අයුරින් කිසිදු අරමුණක්,මතයක්,දැක්මක්,ප්‍රතිපත්තියක් නොමැති විපක්ෂය තුල මෙම ගැටළු විසදිමට කිසිදු උත්සහයක් නොමැති බව තවමත් හොදින්ම පෙනියයි.එසේ විමට ඇති ප්‍රධාන හේතුව වි ඇත්තේ මොවුන් තම ඇහේ ඇති පොල් පරාලය නොදැක අනුන්ගේ ඇස්වල ඇති පොල් කෙන්ද පෙන්විමට යැමයි.සැම දිනම නින්දට යන විට පසුදා උදයම නැගිට ආණ්ඩුව පෙරලන හිනයක් ගැන සිතමින් නින්දට යන මොවුන් උදැසන නැගිට තමා අණ්ඩුව පෙරාලා නොමැති බවත් තමා සයනයෙන් වැටි ඇති බවත් අවබෝධවෙයි.නමුත් නැවත නැගිට මෙම සිහිනයේම සිටින මොවුන් තමන් කුමක් කරන්නේද?කුමක් කලයුතු දැයි නිසි අවබෝධයකින් තොරව නිදිමතින්ම කටයුතු කරන බව මෙම විපක්ෂයේ වර්තමාන ක්‍රියාවන් තුලින් මනාව වැටහේ.

රේඩියෝ අහන්න.

Posted by Sasika Nanayakkara

ඔන්න දැන් අඩහැරයෙනුත් සිංහල ගුවන්විදුලි සේවාවන්ට සවන් දිමට හැකියි.සිංදු අහන්න,ප්‍රවෘත්ති අහන්න කැමති අය‍ ඉතින් අඩහැරය පැත්තේ ඇවිත් යන්න එන්න.

තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලිම් කිරිමත් එවා නොලැබෙන්නේ නම් එවා කුමන ආකාරයකින් වුව දිනා ගැනිමත් වරදක් නැත.එනමුත් අපේ මිනි විකුණා තම අයිතින් දිනාගන්නා මෙවැනි හැත්තක් මෙවැනි දේව කාර්යක් සිදුකිරිමට නම් කිසිසෙත් නොගැලපේ.
අනුරාධපුර,පදවිය,පොළොන්නරැව,ශ්‍රී පුර සහ මහවැලිජනපද ආශ්‍රීතව සිග්‍රයෙන් පැතිර යන වකුගඩු රොගයෙන් දැනට දුක්විදින පිරිස 15000ක් ඉක්මවන අතර ඔවුන්ගෙන් 8000ක් සදහා කඩිනම් ප්‍රතිකාර හිමිවිය යුතුව තිබේ.මෙම රෝග සදහා දැනට කොළඹ ජාතික රොහලේ පමනක් ප්‍රතිකාර සිදුකරනු ලබන අතර එමගින් වසරකට සිදුකරනු ලබන වකුගඩු බද්ධ කිරිම් ගනන 100ක් පමන වන අතර 8000ක් පමන රොගි සංඛ්‍යාවකට මෙය කිසිසෙත් නොසැහේ.
මේ සදහා ගත් විසදුමක් ලෙස ඉදිකල ජාතික වකුගඩු බද්ධ කිරිමේ සහ පර්යේෂණ ආයතනය පසුගිය මාර්තු මස 19වන දින ආරම්භ කිරිමට නියමිතව තිබුනද නිළධාරින්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් මෙය දින නියමයක් නොමැතිව කල්දමා ඇත.
මෙසේ කල් දැමිමට තරම් හේතුවි ඇති ගැටළුව නම් මෙහි කටයුතු කිරිමට සහ පර්යේෂණ කිරිමට මහාචාර්ය එකකයට කොටසක් භාරදිමට තිරණය කිරිම ප්‍රතිපත්තිමය ගැටළුවක් ලෙස දක්වමින් වෛද්‍ය උපුල් ගුණසේකර ඇතුළු රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මෙම කරැන සදහා එකගතාවයකට නොපැමිනිමයි.
නමුත් මෙහි වැදගත්ම කරැණ නම් තම ප්‍රතිපත්ති වලට මුල් තැන දෙමින් අහිංසක රෝගින්ට මරැකැදවිමට තරම් උපුල් ගුණසේකර ඇතුලු පිරිසට තිබෙන අයිතිය කුමක්ද යන්නයි.එසේම මොවුන්ට වටින්නේ ප්‍රතිපත්තිද අපේ ජිවිතද යන්න වෛද්‍යවරැන්ගේ සංගමය දැන්වත් තිරණය කලයුතු නොවේද?


Free embroidery design